Posts

Showing posts from October, 2025

විල්පත්තු 'වන විනාශය': රිෂාඩ් බදියුදීන්ට එරෙහි පෙත්සම වසර 7කට පසු නිෂ්ප්‍රභ කළේ ඇයි?

Image
විල්පත්තු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කර එහි අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීම නීති විරෝධී බවත්, එවැනි නීති විරෝධී නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේ ය. මේ වන විට නීතිඥභාවය ඉවත් කර තිබෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් මේ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබිණි. මේ පෙත්සමෙහි සඳහන් කර තිබුණේ, විල්පත්තු වනාන්තර කලාපය රක්ෂිත වනාන්තරයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව ය. එසේ තිබියදී මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ එම රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කර අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීමට කටයුතු කළ බවත් එම පෙත්සම තුළින් චෝදනා කර තිබිණි. මෙසේ ජනතාව යළි පදිංචි කළ ප්‍රදේශ මීට පෙර ජනාවාස වශයෙන් පැවති ප්‍රදේශය යැයි වග උත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා...